ඇමෙරිකා හා සාකච්චා කරන්න කිසිදු සැලසුමක් නැහැ - ඉරානයෙන් සැර ප්‍රකාශයක්
පාකිස්ථානයේදී ඉරාන සහ අමෙරිකානු සාකච්ඡාකරුවන් අතර හමුවක් පැවැත්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ "ඉරානය සහ අමෙරිකාව අතර කිසිදු හමුවක් සැලසුම් කර නැත. ඉරානයේ නිරීක්ෂණයන් පාකිස්ථානය වෙත දැනුම් දෙනු ඇත," යනුවෙන් බගායි සඳහන් කර ඇති බවයි.
අමෙරිකානු ආක්‍රමණශීලී යුද්ධය අවසන් කිරීම සහ කලාපයේ සාමය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් පාකිස්ථානය සිදුකරන මැදිහත්වීම් පිළිබඳව එරට නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පාකිස්ථානයට පැමිණ සිටින බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.
ජැරඩ් කුෂ්නර් (Jared Kushner) සහ ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) ඉරාන ජාතිකයන් සමග සෘජු සාකච්ඡාවල නිරත වීම සඳහා පාකිස්ථානය බලා පිටත්ව යන බව ධවල මන්දිරය මීට පෙර ප්‍රකාශ කර ඇත.