ආධාර රැගත් දෙවන ට්‍රක් රථ ගාසා තීරයට.
By Hashini
රෆා හරස් මාර්ගය හරහා මානුෂිය ආධාර රැගත් දෙවන ට්‍රක් රථ පෙළ ගාසා තීරයට ඇතුල් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වැසියන්ට දකුණු දෙසට යන ලෙස යළි දැනුම් දුන් ඊශ්‍රායලය ඊයේ සිට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මෙම ආධාර තොගය අවශ්‍යතාවයෙන් 4%ක් තරම්වත් ප්‍රමාණවත් නොවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා පාප්වහන්සේ දැනුවත් කර ඇත්තේ කැනඩාව,ප්‍රංශය,බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඉතාලියේ සහය ලබා දීම සම්බන්ධයෙනි.