පාසල් සිසුවියක් සියදිවි හානි කර ගනී.
Police spokesman
Colombo
Sri Lanka
Death
By Hashini
වැලිවේරිය රණවිරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි සිසුවියක් සිය නිවසේදීම ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඇය කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ අතර, දෙවනවරට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඇය විසින් දිවි නසා ගැනීමට පෙර ලියු ලිපියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
''විශ්වාස කරපන් අපි කොච්චර කිව්වත් අපේ සතුට ගැන හිතන අපේ අනාගතේ අපිට කලින් ප්ලෑන් කරන එකම කෙනා අපේ අම්මයි තාත්තයි කියලා නෑ බන්..අපිට පණ වගේ ආදරේ කරන අපේ සතුට ගැන විතරක්ම හිතන අන්තිම හුස්ම වැටෙනකම්ම අපේ සතුට ගැන පතන එකම කෙනා තමන් විතරයි බන්.'' යනුවෙන් ඇය ලියු ලිපියේ සටහන් වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.
