පාසල් සිසුන්ට සුදුසු අදුමකින් පාසලට පැමිණීමට අවසර
ප්‍රාථමික අංශයේ සිසුන්ට සඳුදා (25) සිට සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර හිමිවන බව අධ්‍යාපන ලේකම්ව්වවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම , හෙට (25) සිට ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී වන බව වර්ජනයේ නිරතව සිටි ගුරු සංගම් නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනවශ්‍ය බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට පියවර ගන්නා මෙන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, "දරුවන්ව පාසල් යවන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දැනට අපේ දරුවෝ මුඛ ආවරණය දාගෙන ඉන්නවා. විශේෂයෙන් අවුරුදු 2ට වැඩි දරුවෝ. පාසලේ ආපන ශාලාවෙන් කෑම ගන්න පුරුදු කරන්න එපා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදින්න කියන්න. බය වෙන්න දෙයක් නෑ." දිවයිනේ සියලුම රජයේ පාසල්වල ප්‍රාථමික අංශය සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව හෙට සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ සිදුකළ ඉල්ලීමට අනුව පාසල් භූමිය පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ වැඩසටහන් අදත් දිවයිනේ පාසල් රැසක ක්‍රියාත්මක වුණි. මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට දිනයේ සිය රාජකාරි කටයුතු ආරම්භ නොකරන බව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය. සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එච්. රුවන් ප්‍රසාද් මහතා, "
අපේ වාහන තාමත් ධාවනය කරන්න පුළුවන් තත්ත්වයක නෑ. මාර්ගෝපදේශ ගැන දැනුවත් කරලා නෑ. අපි කොහොමද සේවා සපයන්නේ" මේ අතර පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් සහ රිය සහායකයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ,
"පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් සහ රිය සහායකයින් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගෙනද කියලා අපි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරනවා. පොලිස් රථවාහන අංශවලට අපි ඒ බව දැනුම්දීලා තියෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
