17 හැවිරිදි පාසල් සිසුවියන් දෙන්නගෙන් එක් සිසුවියකට අත්වූ අවාසනාවන්ත ඉරණම..අනෙක් සිසුවිය රාත්‍රී තනිවම මහ මඟ.

Report

උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21) උදේ හමු වි ඇතැයි පොලීසිය පවසනවා.

ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවයි පොලීසිය කියා සිටියේ.

මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවයි අනාවරණය වී තිබෙන්නේ.

ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ඒවි..දැඩි අවධානයෙන් ඉන්න..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ඒවි..දැඩි අවධානයෙන් ඉන්න..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.


පොලිසිය පවසන්නේ, එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇති බවයි.

මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ (20) උදේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණීම නිසා මව්පියන් බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබූ බවයි වාර්තා වන්නේ.