ප්‍රාදේශීය පාසලක වෙඩි තැබීමක්..සිසුන් 03ක් මරුට..08ක් තුවාල ලබයි..(VIDEO)
Accident
Students
American
World news
School shooting
By Aruna
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි. තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |