නැවත පාසල් ආරම්භය ගැන පොඩ්ඩන්ට දුක හිතෙන ආරංචියක්..
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවයි.
තුන්වැනි පාසල් වාරය අදියර දෙකකට ක්‍රියාත්මක වන අතර තෙවැනි වාරයේ පළමු අදියර මේ මස 26 වැනිදා ආරම්භ කර නොවැම්බර් 22 වැනිදා අවසන් කරයි.
ඉන්පසුව තෙවැනි වාරයේ දෙවැනි අදියර ආරම්භ කරයි. රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය පෙරේදා අවසන් කෙරිණි.
මේ අතර, පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා.
එවැනි පසුබිමක මේ දිනවල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබදව දිගින් දිගටම වාර්තා වන බව පැවසෙනවා. පොලිස්පතිවරයා ඉවත් කිරීමත් සමග මෙවැනි දෑ සිදුවීමේ ප්රවණාතාවක් ඇතිබවයි වාර්තා වන්නේ.
පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදුවන මෙවැනි දෑ වළක්වා ගැනීම සදහා දරුවන් පිළිබදව දැඩි අවදානයෙන් සිටින්නැයි පොලිසිය මව්පියන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම මෙවැනි මත්ද්‍රව්‍ය සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනිමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ