පාසල් විවෘත කිරිම ගැන අලුත්ම තීරණයක්..
අද (12) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේබලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට පවරා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ලැබී ඇති තොරතුරුවලට අනුව දකුණ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි.
වයඹ පළාතේ විවෘත කිරීමට අවශ්‍ය පාසල් පමණක් විවෘත කරන ලෙස පළාත් ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අමතරව උතුරු පළාතේ පාසල් දහවල් 12 දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව උතුරු පළාත් අධ්‍යාපන අධිකාරිය පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |