හෙට දිනයේ පාසල් නිවාඩුවක් ගැන කළ දැනුම්දීම - මෙන්න මේ ශ්‍රේණිවල ළමයින්ට හැබැයි..
හෙට (24) දිනයේ මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට පාසල් නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ පවතින වර්ෂාව මත නායාමේ තත්ත්වයක් සැලකිල්ලට ගෙනයි.

අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..
මාතර, තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණි පවත්වාගෙන යන දෙමහල් ගොඩනැගිල්ල අසල පස් කන්දක ඇතිව තිබෙන සුළු නායාමේ තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, අඛණ්ඩව පවතින වර්ෂාව නිසා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 06 වැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක් සහ 08 ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක දරුවන්ට මෙසේ පාසල් නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.