නාගයෙක් කට ඇතුලෙ තියාගත් තරුණයෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම..(VIDEO)

By Aruna Sep 08, 2024 06:46 AM GMT
Report

සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා නාගයෙක් මුඛයේ තබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් එම නාගයා දෂ්ට කිරීමෙන් මියගොස් තිබෙන සංවේදී පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ කමරෙඩි ප්‍රදේශයෙන් මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන බවයි.

23 හැවිරිදි වියේ පසු වූ ශිව්රාජ් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවත්න ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශිව්රාජ් සහ ඔහුගේ පියා සර්පයින් ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, දෙදෙනා විසින් අල්ලා ගත් විශාල නාගයෙක් සමඟ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වීඩියෝවක් ලබාගැනීමට යාමේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අදාළ තරුණයා නාගයා තම මුඛයේ රඳවාගෙන සිටින අතර තුර ඔහුගේ පියා විසින් එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇත.

එම අවස්ථාවේ දී මුඛයේ රඳවාගෙන නාගයා තරුණයාට දෂ්ටකර තිබේ.

නාගයා දෂ්ට කිරීමෙන් පසු තරුණයා රෝහල් ගත කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

මීට අදාළ වීඩියෝව පහතින් නරඹන්න?

https://x.com/ChotaNewsTelugu/status/1831956541886300266?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1831956541886300266%7Ctwgr%5Ec5b87185c9ba553093bea26dfcc29f70a4ecb22a%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fdasathalankanews.com%2Fe0b6b1e0b6bae0b799e0b69ae0b78a-e0b691e0b69ae0b78ae0b69a-e0b783e0b799e0b6bde0b78ae0b6bde0b6b8-e0b6afe0b790e0b6b8e0b796-e0b6ade0b6bb%2F