15 හැවිරිදි පාසල් සිසුවිය කෙළෙසන ආකාරය වීඩියෝ කර යාළුවන්ට යවලා..විදුහල්පතිට මාට්ටු වෙයි..

Sri Lanka
By Aruna Nov 25, 2022 03:40 AM GMT
Aruna

Aruna

Report

20 හැවිරිදි සැකකාර තරුණයකු අත්අඩංගුවට මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය, ඇයගේ නිවස තුළදීම සැකකරු 11 වතාවක් දූෂණය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

දැරියගේ දෙමාපියන් රැකියා සඳහා නිවසින් පිටව යන අවස්ථාවේදී, සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත්, එලෙස දූෂණය කරන අයුරු සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරියෙක් සඳහන් කළා.

එලෙස ලබාගත් නිරුවත් වීඩියෝ දර්ශන සැකකරු වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් වෙත යොමුකර තිබෙන බවත්, එම දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයා වෙතද ලැබී ඇතැයිද පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත.

වින්දිත දැරිය ළමා නිවාසයක් වෙත යොමුකර සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha