අ.පො.ස. සා.පෙ. විභාගය සදහා විෂය පිළිබඳ විශේෂ දැනුම්දීමක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇගයීමට ලක්වන විෂයයන් ගණන 07කට සීමා වන බව වාර්තා වේ.
මෙම විෂයයන් අතරින් 05ක් අනිවාර්ය විෂයයන් ලෙස අපොස අධ්‍යයනය කළ යුතු වන අතර, ඒවාට ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව ඇතුළත් ය.
ඊට අමතරව, සිසුන්ට තමන් කැමති විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා ඇති අතර, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සහ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන කාණ්ඩ යටතේ ඇති විෂයයන් අතරින් තමන්ට රුචි විෂයයන් දෙකක් තෝරා ගත හැකි ය.