අද සහ 26 වන දින දිවයින පුරා පාසල් නිවාඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By Aruna Jun 12, 2024 12:46 AM GMT
Aruna

Aruna

Report

අද (12) දහවල් 1.00න් පසු සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු - විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවයි, ඔහු සඳහන් කළේ.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.


ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජෝසප් ස්ටාලින් මහතා,

"දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා.

මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ.

අද සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1.00න් පස්සේ නතර කරනවා.

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..


මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ.

අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු - විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක."

කෙසේවෙතත් ඇතැම් පිරිස සමාජ මාධ්‍යයේ අද සහ ලබන 26 වන දින පාසල් වැසෙන බවට ප්‍රචාරයන් පලවනු දකින්නට ලැබේ.

නමුත් අද දිනයේ සුපුරුදු පරිදි දිවයින පුරා සියලු පාසල් පැවැත්වේ.