අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.

Report

ශ්‍රී ලංකා - නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට තිබූ තරගයේ, කාසියේ වාසිය තෝරාගැනීමේ අවස්ථාව කල් දැමීමට තරග සංවිධායකවරුන් විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ මේ වනවිටත් Lauderhill, Florida හි තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට පතිත වන අධික වර්ෂාව හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ කිරීමට සූදානම්ව සිටි මෙම තරගය ඒ අනුව යලි ආරම්භ කිරීම කල් යැවෙනු ඇත.

කෙසේ වෙතත් තරගය පවත්වන්නේද, වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නේද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර මෙක්සිකෝ බොක්කෙහි නිවර්තන කැළඹීමක් හේතුවෙන් ලෝඩර්හිල් ප්‍රදේශයට අද අඟල් 2 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි, .ක්‍රිකට් විස්තර විචාරකයින් සඳහන් කරන්නේ

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා තීරණාත්මක තරගයක් වීමද විශේෂත්වයක්.

ඒ මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබීම හේතුවෙන් සුපිරි අට දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගැනීමේ එක් පියවරක් ලෙස මෙම තරගය ජය ගැනීම අනිවාර්‍ය වෙන නිසාවෙන් බවයි ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ.