"පාසල් දරුවන් අමාරුවේ දාන්න එපා." - දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

Report

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ක්‍රීඩා ඉසව් ඇතුළු විවිධ වැඩසටහන්වලට විදේශගතවීම සඳහා පාසල් දරුවන්ට පැය කීපයකින් විදේශ ගමන් බලපත්‍රය යොමු කරන ලෙස පාසල් බලධාරීන් නිර්දේශ කරන බවත් ඒ අනුව එම දරුවන් විදේශ ගමන්බලපත්‍ර ගැනීමට අවශ්‍ය මූලික ලිපි ලේඛණ පවා නොමැතිව බත්තරමුල්ල ආගමන විගමන පොර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවයි.

එමෙන්ම ඇතැම් දරුවන් කාර්යාල වේලාවෙන් පසුවද එම කාර්යාලයට පැමිණ හඩාවැටෙන බව කියන එම දෙපාර්තමේන්තුව එම අවස්ථාවලදී නිලධාරීන්ද දැඩි සංවේදී වී අපහසුතාවට පත්වන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.  

පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි – STF එකටත් අලුත් මුහුණක්.

පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි – STF එකටත් අලුත් මුහුණක්.

හදිසියේම පාසල් දෙකක් වසා දැමේ. - බෝම්බ අවදානමක් ගැන email පණිවිඩයක්.

හදිසියේම පාසල් දෙකක් වසා දැමේ. - බෝම්බ අවදානමක් ගැන email පණිවිඩයක්.


You may like this video