වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ අගයේ සුළු වෙනස්කම්- අද විනිමය අනුපාතික මෙන්න

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (21) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහි සුළු වෙනස්කම් දක්නට ලැබේ.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.75ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.00ක් ලෙසත් නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 327.00 සිට රුපියල් 326.50 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 336.00 සිට රුපියල් 335.50 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.92ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.03ක් ලෙසත් නොවෙනස්ව පවතී. මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.09 සිට රුපියල් 325.09 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.00 සිට රුපියල් 335.00 දක්වා ඉහළ ගොස් ඇත.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.50 සිට රුපියල් 327.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.25 සිට රුපියල් 335.25 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අද දිනයේ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකවල සුළු ඉහළ සහ පහළ යෑම් දක්නට ලැබෙන අතර, ඇතැම් බැංකුවල අනුපාතික පෙර දිනයට සාපේක්ෂව නොවෙනස්ව පවතී.