රට පුරා සියලුම පාසල් සිසුන්ට සතුටුදායක ආරංචියක්..දෙමාපියන්ටත් ඉතා වැදගත්.

Ministry of Education Businessman Sri Lankan Schools Education
By Aruna Oct 03, 2024 03:17 AM GMT
Aruna

Aruna

Report

පාසල් සිසුන් සඳහා වන පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමය (FLGIG)විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඊයේ (2024.10.02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා මේ බව අනාවරණය කළා.

වහාම ක්‍රියාත්මක වන පරිදි විශාම වැටුප අහෝසි කිරීමට තීරණයක් ගනී..මහ බැංකුව ගත් හදිසි තීරණය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි විශාම වැටුප අහෝසි කිරීමට තීරණයක් ගනී..මහ බැංකුව ගත් හදිසි තීරණය මෙන්න..


මේ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් සිසුන්ගේ පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගෙන රටේ සංවර්ධනයට දායක විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ වගේම රජයක් බලයට පත් වූ විට බොහෝ දේ බලාපොරොත්තු වන මේ සමාජය තුළ රටේ කර්මාන්තකරුවන් සහ නිර්මාණකරුවන් රජයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය බවයි පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් අද වසා දමයි..

දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් අද වසා දමයි..