පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා

covid19 school sinhala news srilanka news
By Gagana Nov 12, 2021 06:46 AM GMT
Gagana

Gagana

Report

කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි.

කොරෝනා ආසාදිත ගුරුවරියන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා අදාල පංති තුනෙහි දරුවන් සියලු දෙනාද නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඇන්ට්‍රිජන් පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.

එම තත්වය මත සෙසු පංති දෙකෙහි දරුවන්ව දෙමාපියන් විසින් පාසලට නොඑවීම හේතුවෙන් පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha