රට පුරා සියලුම පාසල් දරුවන් සම්බන්ධයෙන් අද සිට මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න..සියලුම ගුරුවරුන්ටත් විශේෂ දැනුම්දීමක්.

Ministry of Education Sri Lanka Sri Lankan Schools Education
By Aruna Jan 27, 2025 02:21 AM GMT
Aruna

Aruna

Report

නව පාසල් වාරය සඳහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ භාවිතය පිළිබඳව අවධානය යොමුකරන්නැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය ගුරුවරුන්ගෙන් ඉල්ලා විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.

දරුවන්ගේ භාවිතය සඳහා නුසුදුසු පැන්සල් විශාල වශයෙන් වෙළෙඳපොළේ විකිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි, එහි ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය මගින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සිදුවන පසුබෑම මෙන්ම සෞඛ්‍ය සඳහා වන අහිතකර බලපෑම පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)


මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කී ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද අවධාරණය කළේ ය.

‘‘පැන්සල් නිපදවීමේදී මතුපිට ආලේප කරන තීන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා. එමගින් එවැනි පැන්සල් භාවිතය දරුවන්ට සුරක්ෂිත බව තහවරු කරනවා.

උදාහරණයක් ලෙස යුරෝපා කමිටුව විසින් නිර්දේශිත CN හෝ EN 71 වැනි ප්‍රමිතීන් මගින් පැන්සල් සහ පාට පැන්සල් බැර ලෝහවලින් ආරක්ෂිත බව තහවුරු කරනවා.

මොකද දරුවන් පැන්සල් භාවිතයේදී ඒවා සපනවා. නැත්නම් නාසය හා මුඛය ආශ්‍රිත ප්‍රදේශවල ස්පර්ශ වන්නට පුළුවන්.

ප්‍රමිතියකින් තොර ආනයනික පැන්සල්වල බැර ලෝහ අඩංගු නම් දරුවන්ගේ සිරුරට ඒවා ඇතුළු වෙන්න පුළුවන්. මෙය දරුවන්ගේ සෞඛ්‍යයට හානියක්.

පැන්සල නිපදවීම සඳහා භාවිත කරන මිනිරන් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. තත්ත්වයෙන් බාල පැන්සල්වල තුඩ නිතර නිතර කැඩෙනවා.

ඉදිරි පැය කිහිපය ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.

ඉදිරි පැය කිහිපය ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.


ඒ වගේම හරියට ලියවෙන්නේ නෑ. මෙන්න මේ වගේ කරුණු නිසා එය දරුවන්ගේ ඉගනීමටත් බලපෑමක් වෙනවා.

මේ දිනවල පොත් ලැයිස්තු පිළියෙළ කරන ගුරුවරුන්ගෙන් මේ කරුණු පිළිබඳ දෙමාපියන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ දරුවන්ට ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් දක්වන ලෙස දෙමාපියන්ගෙන් ද ඉල්ලා සිටිනවා.’’

You May Like This Video


ReeCha