දරුවන් දෙදෙනෙකු නිවසේ තනිකර දමා දෙමව්පියන් සිදු කර ඇති දේ.

By Sithumi Nov 12, 2022 01:28 PM GMT
Sithumi

Sithumi

Report

නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තාවී තිබෙනවා

. ඒ බව දැනගැනීමෙන් පසුවයි අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුනේ. අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තා වුණා. 

 ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබුණු අතර මෙලෙස තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2ක් සහ 3ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙක්.

මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිටත් පොලීසිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කියයි.