පාසල් දරුවන් සම්බන්ධයෙන් රතු එළියක්.. දෙමාපියන්ටත් ඇගිල්ල දිගු වෙයි..

Ministry of Education Sri Lanka
By Aruna Oct 13, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

වැඩිම සම්බාහන මධ්‍යස්ථාන කෝට්ටේ සහ මහරගම කොළඹ නගරයේ දරුවන් පාසල් පැමිණෙන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන (SPA) වෙත යාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙලෙස පාසල් දරුවන් පාසල් කාලය තුළදී සම්බාහන මධ්‍යස්ථානවල සේවය ලබාගැනීම මෙන්ම එහි සේවය සැපයීමට යාම සම්බන්ධව පැමිණිලි රැසක් පසුගිය මාස තුන තුළ තමන් වෙත ලැබී ඇති බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පැවසීය.

බොහෝ දරුවන් පාසල් එන මුවාවෙන් නිවෙස්වලින් මුදල් සොරකම් කරගෙන මෙවැනි තැන් කරා යාමට ඇබ්බැහි වී ඇති බවත් විදුහල්පතිවරුන් පවසා තිබේ.

දරුවන් පාසල් වෙත රැගෙන එන මව්වරුන් සහ පියවරුන්ද සම්බාහන මධ්‍යස්ථාන වෙත යාමේ ප්‍රවණතාවක්ද වාර්තා වී ඇත.

එනිසා පවුල් සම්බන්ධතා බිඳවැටීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

විකුට්ඨනය හෙවත් අයථා ලෙස විකිණීම යන වරදට යටත්ව සිදුකරන මෙවැනි ව්‍යාපාර පවත්වා ගැනීමට බපලත්‍ර ලබාදෙන පළාත් පාලන ආයතනවලටත්, මේ ව්‍යාපාර නියාමනය කිරීමේ වගකීම පැවරෙන බවත්, ඒ සම්බන්ධව එම අදාළ ආයතන දැනුවත් කරමින් සිටින බවත් කොමසාරිස්වරයා කීවේය.

වර්තමානයේ වැඩිම සම්බාහන මධ්‍යස්ථාන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha