පාසල් ළමුන් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න..

Sri Lanka Education School children School meal
By Aruna Mar 17, 2022 06:02 AM GMT
Aruna

Aruna

Report

‘පාසල් දිවා ආහාර වැඩසටහන’ දැඩි අවදානමක රටේ පවතින උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් සිසුන් ලක්ෂ දොළහක් පමණ ප්‍රතිලාභ ලබන ‘පාසල් දිවා ආහාර වැඩසටහන’ දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

මෙම පෝෂණ වැඩසටහන යටතේ සතියකට සිසුන්ට ලබා දුන් බිත්තර දෙක, එකක් දක්වා අඩුකිරීම ඇතුළුව ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට අවසර දී තිබේ.

පවතින තත්ත්වය මත මෙලෙස ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

එක් ආහාර වේලක් වෙනුවෙන් සැපයුම්කරුවන්ට ලබා දෙන්නේ රුපියල් සියයකි.

එම මුදල වැඩි කරන ලෙස සැපයුම්කරුවන් මේ වන විට අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් ඒ සඳහා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ඒ අනුව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha