පාසල් සිසුවෙක් නොසිතූ ලෙස ජිවිතයට සමුදෙයි
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lankan Schools
By Sithumi
පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.
එම පාසල් සිසුවා මිතුරන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී රෝගීව ඇදවැටීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇත.
රෝහල්ගතකර ඇති සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇති පාසල් දරුවා රෝගී තත්ත්වයකින් පෙළුණු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ප
ශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතව තිබූ අතර පානදුර පිංවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
