ළිඳක දියනෑමට ගිය පාසල් සිසුවා ජීවිතක්ෂයට
By Sewvandhi
වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ වගා ළිඳක දිය නාමින් සිටි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, එම ප්‍රදේශයේ පදිංචිව සිටි අකිලේන්ද්‍රන් දනුෂන් නමැති 16 හැවිරිදි අයෙකි.
එම දරුවා ළිඳට පැන දියනෑමට ගොස් ඇති අවස්ථාවේ ළිඳේ ගිලී ඇතැයි පොලීසිය සැක පළ කරයි.මිය ගිය දරුවාගේ ඇඳුම් කිහිපයක් ද ළිඳ අසල තිබි සොයාගෙන ඇත.
ළිඳේ ජලය පිරී ඇති බැවින් ජලය ඉවත් කොට තරුණයාගේ මළ සිරුර ගොඩගැනීමට නියමිත බව වාර්තාකරු පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |