ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නව ජනපති ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය මෙන්න.

Ministry of Education Anura Kumara Dissanayaka Grade 05 Scholarship examination Harini Amarasuriya Education
By Aruna Oct 14, 2024 02:39 AM GMT
Aruna

Aruna

Report

ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අද ( 14 ) ප්‍රකාශයට පත් කෙරේ. විභාගයට පෙර පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව යළිත් වරක් තහවුරු වීම මෙම තීරණයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.


විභාගයට පෙර පිට වී ඇති ප්‍රශ්න සංඛ්‍යාව නිශ්චිතව සොයා බැලීම සඳහා අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ද කමිටුවක් පත් කළ අතර එම කමිටුව ද අනාවරණය කර ඇත්තේ විභාගයට පෙර පිට වී තිබෙන්නේ ප්‍රශ්න තුනක් පමණක් බවයි.

මෙම කමිටුව පත් කරනු ලැබුවේ පිළිතුරු පත්‍ර ඇගයීම් සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගත්තේ, විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළ දෙමව්පියන් පිරිසක් සමග කළ සාකච්ඡාවකින් පසුවය.

පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බවට විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..


කෙසේ වුව ද සිද්ධියට අදාළව දෙමව්පියන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ.