මෙවර ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ ඇස් උඩ යන ආරංචියක් - නිකුත් වූ ප්‍රශ්න තුන ගැන අවසන් තීරණය මෙන්න..යළිත් විභාගයක්ද..?

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines
By Sewvandhi Sep 29, 2024 12:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ, විභාගයට පෙර සමාජ මාධ්‍යයට නිකුත් වුණා කියූ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව විසින් එලෙස පිටවූ බවට සැලකෙන ප්‍රශ්න තුනට අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාල නිවේදනය පහතින් දැක්වෙනවා.

යළිත් ලාංකීය ජනතාව අඳුරේද..? බඩු මිලත් ඉහළට..? වහාම බදු ආදායම 15% කරන්නයි IMF දන්වයි..

යළිත් ලාංකීය ජනතාව අඳුරේද..? බඩු මිලත් ඉහළට..? වහාම බදු ආදායම 15% කරන්නයි IMF දන්වයි..

එනම්, මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.

අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%