ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ඉදිරියේදී ගැටලු රැසක්..අධ්‍යයන කටයුතුවලට ද බලපෑම්..

Report

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

තේ කෝප්පයක්දී වැඩ වැරදුනු අවස්ථා තියෙනවා..ඒක නිසා පරිස්සමින්..

තේ කෝප්පයක්දී වැඩ වැරදුනු අවස්ථා තියෙනවා..ඒක නිසා පරිස්සමින්..

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය.

ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතුවලට ද බලපෑම් එල්ල වනු ඇති බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට හොංකොං සික්සස් අවසන් මහා තරගයට වරම්..

ශ්‍රී ලංකාවට හොංකොං සික්සස් අවසන් මහා තරගයට වරම්..

මේ සම්බන්ධයෙන්   අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව අධ්‍යාපන අමාතංශ ලේකම්වරිය සඳහන් කළාය.