නිමක් නැති ජාවාරම්.. සල්ලි හොරා කන.. අතිෂය වැදගත් දෙයක් ඔයාට මෙන්න..

Report

ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් සිදුවෙමින් පවතී.

පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ල කන ජාවාරම් සම්බන්ධයෙන් වාර්තා වුණා.

ඒ තොරතුරු රැසක්.

කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ල කෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්විණ.

රට රැකියා සිහින දැක්ක අයට.. සිහින හැබෑ වුණ සුබ ආරංචිය මෙන්න..

රට රැකියා සිහින දැක්ක අයට.. සිහින හැබෑ වුණ සුබ ආරංචිය මෙන්න..


අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබා ගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ මූල්‍ය වංචා සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

එක් ක්‍රමයක් ලෙස, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා විවිධ පුද්ගලයින් හට මුදල් ආයෝජනය කිරීමට පොළඹවා මොවුන් මුදල් ලබාගැනීම සිදුකරනු ලබයි.

එමෙන්ම, එයට අමතරව සමාජ මාධ්‍ය හරහා හඳුනාගන්නා මැදි වයසේ සහ වැඩිහිටියන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇති කරගෙන එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොළඹවා ගැනීම ද මෙම සංවිධානාත්මක පිරිසේ තවත් උපක්‍රමයක් වේ.

අයවැයට මොකක් වෙයි ද?. ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

අයවැයට මොකක් වෙයි ද?. ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..


තවද, සමාජයේ ප්‍රසිද්ධ චරිත ලෙස හුවා දක්වමින් ඇමතුම් ලබාදී විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ලබාගන්නා ජාවාරම් සම්බන්ධයෙන් ද මේ දිනවල තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් කොතෙකුත් තොරතුරු වාර්තා කළත් ජනතාව එම වංචනික කණ්ඩායම්වලට නිරන්තරයෙන් ගොඳුරු වන බව පෙනී යයි.