රිෂාඩ් බදියුදීන්ගේ අභියාචනය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා හෙළි කොට නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් ව ඇත.
ඒ අදාළ අභියාචනා පෙත්සම අද විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදීයි. එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ඒ. එච්. එස්.ඩී නවාස් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.