මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට
හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටීමෙන් අද (25) දහවල් බරපතළ අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුර කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.