WhatsApp හරහාද ලබා ගත හැකි රුපි.1998/=ට සතොසෙන් ලැබෙන සහන මල්ල..බඩු ලැයිස්තුව මෙන්න..
By Sewvandhi
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දීමට නියමිත සහන පැකේජය අද පෙරවරුවේ හඳුන්වා දුන්නා.
ඒ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සහන පැකේජය තුළ රුපියල් 1,998/-ක් වටිනා පහත ද්‍රව්‍ය අඩංගු වනවා.
- සුපිරි සම්බා කිලෝ 10
- ග්‍රෑම් 400 නූඩ්ල්ස් පැකට් 01
- දුඹුරු සීනී කිලෝ 02
- හාල් මැස්සන් ග්‍රෑම් 200
- තේ කොළ ග්‍රෑම් 100
- ලුණු ග්‍රෑම් 400
- සුවඳ සබන් කැට 01
- රෙදි සෝදන සබන් කැට 01
- ඇල්ලී පපඩම් පැකට් 01
1998 දුරකථන අංකයට අමතා WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ නැතහොත් සතොස වෙබ් අඩවිය හරහා ද මෙම භාණ්ඩ මල්ල ඔබට මිල දී ගත හැකි වනවා.
එහිදී සඳුදා දිනයේ සිට පැය 48ක් ඇතුලත, සේවා ගාස්තු ලෙස රුපියල් 150/-ක් අය කරමින් මෙම භාණ්ඩ මල්ල නිවෙසටම ගෙන්වා ගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
..........................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |