වාහන ආනයනයට අවසර..? ජනපතිගෙන් ප්‍රකාශයක්..!

By Sewvandhi Jan 18, 2022 05:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හැකිතරම් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්නට අප කටයුතු කළ යුතුයි .

කර්මාන්ත මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ බලශක්ති පිරිවැයයි . 2030 වන විට බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනිය බලශක්තියෙන් ලබා ගැනීමට අප එකඟ වී තිබෙනවා.

මින් ඉදිරියට ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට මොනම හේතුවක් නිසාවත් අවසර දෙන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now