ඇමති සරත් වීරසේකරට කොරෝනා..

Covid Colombo Political Sarath weerasekara
By Aruna Jan 20, 2022 02:54 AM GMT
Aruna

Aruna

Report

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) පෙරවරුවේ දී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

කලක් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකු වූ සරත් වීරසේකර, ත්‍රස්තවාදී සමයේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් රට වෙනුවෙන් සිය සේවය සිදු කළ රණවිරුවෙක් ද වනවා.

ඔහු පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ අතර, හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වනවා.

හිටපු නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා ද වූ සරත් වීරසේකර මෙවර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha