කිරි හරක් ව්‍යාපෘතිය පාඩු කළ දේශපාලන ගොන් හරක් ගැන සරත් කට අරී
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා විසින් කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වූ පාඩුව රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩි බව ප්‍රකාශ කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ,
"විපක්ෂය කතා කරන්නේ අපිට හරිම ආදරෙයි වගේ. හොරකම් වලට සම්බන්ධ කවුරුත් අනාගතයේදී අත්අඩංගුවට ගන්න පුළුවන් වේවි. ඉරාන ඊශ්‍රායල් යුද්ධය ගැන විපක්ෂ නායකතුමා කතා කළා. පාඩුව ගැන කතා කළා. ඒව කියනවට වඩා තිබෙන විකල්ප කියන එක නේද හොඳ. මේ කතා නිසා මිනිස්සු බිය වෙනවා . ඊයේ ශෙඩ් වල මිනිස්සු පොර කකා තෙල් ගන්නවා. වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය වෙන්න ඕන අඩුපාඩු පෙන්වන ගමන් විකල්ප ඉදිරිපත් කිරීමයි.
ජනතාව නිකරුණේ බිය ගැන්වීම බරපතල වරදක්. කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වෙච්ච හානිය අද වන විට රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩියි.ඒ පාඩුව පියවගන්න විදියක් නෑ.මේක අමු අමුවේ මේ රටේ මහජන මුදල් විනාශ කිරීමක්. 2014 සිට 2020 දක්වාම මේ හොරකම සිදුවී තිබෙනවා. රට බංකොලොත් වන්නේ මේ දේවල් නිසා.මේ මහජන මුදල් හොරා කාපු හැම කෙනෙකුටම අප නීතිය ක්‍රියාත්මක කරනවා'' යනුවෙන් බව සඳහන්.
