දෙයියනේ එයාලා නැතුව ඇසළ පෙරහැර කරලා වැඩක්ද? ඓතිහාසික මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

Esala Full Moon Poya Sri Lanka Kandy Esala Perahera Sinhala news Breaking News
By Kaushi Jun 19, 2025 02:30 PM GMT
Kaushi

Kaushi

Report

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට 2025 වසර වෙනුවෙන් දින නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ලබන ජුලි මස 25 වන දින ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරයි.

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු පිළිබඳව දැනුම්දීමට මෙන්ම ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද (19) දින ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැත් වූ සාකච්ඡාවේදීයි.

ඒ අනුව දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

එසේම දියවඩන නිලමේවරයා කියා සිටියේ කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව අගෝස්තු 04 වන දින ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බවයි.

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

එමෙන්ම නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ දී අවසන් රන්දෝලි මහ පෙරහැර වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙහිදී හීලෑ අලි ඇතුන් අවම වීම පෙරහැර පැවැත්වීමට විශාල ලෙස බලපාන ගැටලුවක් බවට දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් පෙන්වා දී ඇත.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ සමඟ මීට වසර කිහිපයකට පෙර හීලෑ අලි ඇතුන් 200ක්ව මෙරට සිටියද අද වන විට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 90ක් දක්වා පහත වැටී ඇති බවද මෙහිදී හෙළි කළ බවට වාර්තා වේ.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

ReeCha