ඖෂධ මිල ගැන නිකන් බොරු ප්‍රචාර එපා..සෞඛ්‍ය අමාත්‍යාංශ‍යෙන් දැඩි ඉල්ලීමක්

Report

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි මහතා විසින් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ‍යෙන් මිල තීරණය කරනු ලබන්නේ එක් මිල කමිටුවක් හරහා පමණක් බව ප්‍රකාශ කර ඇත.

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඒ අනුව ඔහු මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ වෘත්තිය සමිති සංගම් විසින් මිල කමිටු දෙකක් ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ දරන බවට කරන ප්‍රකාශ අසත්‍ය බවටයි.

ඒ අනුව, "මිල කමිටු දෙකක් කියන කාරණාව සම්පුර්ණයෙන්ම අතීතයට අදාළ කාරණාවක්. අතීතයේදී එහෙම මිල කමිටු දෙකක් තිබුණා. නමුත් අපි බලයට පත් වීමත් සමග එය එක මිල කමිටුවක් මගින් මිල තීරණය කිරීම දක්වා වෙනස් කළා. එම නිසා ඒ පිළිබද පළවන වාර්තා සම්පුර්ණ අසත්‍යක්. එම නිසා එවැනි බොරු මත සමාජ ගත කිරීමෙන් වළකින ලෙස ඉල්ලනවා. මෙවැනි අසත්‍ය මත සමාජ ගත කිරීම හරහා අපිට කාලය සහ ශ්‍රමය වැය කරන්න සිද්ද වෙනවා ඒ සදහා උත්තර දෙන්න." යැයි පැවසුවා.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

එහිදී මාධ්‍යවේදීන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත් 17 වන දින තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දේශීය ඖෂධ සපයා ගැනීමේදී හිටපු සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ විසින් ඒකාබද්ධ කළ මිල කමිටු දෙක යළි වරක් වෙන් වෙන් ලෙස ක්‍රියාත්මක කිරීමට අඳාළව ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා නේදැයි විමසා සිටියා.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

එහිදී මේ යෝජනාවට ඔබ එකඟදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් පිළිතුරු ලබා දී ඇත්තේ මෙසේයි.

"ඉල්ලීම් ලැබුණත් අපි අවසන් තීරණයක් ගෙන නැහැ.මිල කමිටුව අවසානයේදී බලාපොරොත්තු වන්නේ ජනතාවට සාධාරණ මිලකට ඖෂධ ලබාදීමයි.ඖෂධ ජාලයේ විටින් විට උච්චාවචනයන් සිදුවෙනවා.ඖෂධ ගැටළුව ඉදිරි මාස කීපයේදී විසඳා ගැනීමටයි උත්සාහ කරමින් යන්නේ."

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා