ලංකාවේ දීර්ඝතම පාද යාත්‍රාව වෙනුවෙන් කුමන පිවිසුමත් විවෘතයි

Report

හෙට (20) දිනයේ පටන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ 2025 පාද යාත්‍රාව සඳහායි.

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

ඒ අනුව මෙම පාද යාත්‍රාව මෙරට දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලකෙන අතර මෙහිදී උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම වෙත පැමිණෙන බව සඳහන්.

මෙම බැතිමතුන් කතරගම වෙත පැමිණෙන්නේ කුමන සහ යාල වනෝද්‍යාන මැදින් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක ඇති විවිධ වූ පරිසර පද්ධති සහ වනසතුන් ගහන ප්‍රදේශ පසු කරමින්.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

ඒ අනුව සති 2ක කාලයක් වෙනුවෙන් අඳාළ කුමන පිවිසුම ඔකඳ සිට යාල ඔස්සේ කතරගම දක්වා පාද යාත්‍රාව සිදු කරන්නන්ට විවෘත වේ.

මෙම බැතිමතුන් මෙසේ කතරගමට පාගමනින් පමිණෙන්නේ කතරගම දෙවියන්ට දක්වන භක්තිය සහ බැතිමතුන් සිදුකළ විවිධ භාරහාර වෙනුවෙන් බව වාර්තා වේ.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ලබන 26 වන දින ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භවීමට නියමිතව තිබෙනවා.

එනිසා බැතිමතුන් දින 5ක් හෝ 6ක් මෙසේ කුමන සහ යාල වනෝද්‍යාන මැදින් ගමන් කරන බවට සඳහන් වේ.

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක්, මේ පැතිවල අය විශේෂයි