හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටුවට චෝදනා කර ඇති බවට වාර්තා වේ.
ඒ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව තුළ සිදුවන්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව ප්‍රකාශ කරමින්.
මෙයට එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් ප්‍රතිචාර දැක්වූ බව සඳහන්.
එමෙන්ම අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍ය ආන්නද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ද අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බව වාර්තා වේ.
ඊට අමතරව කථානායකවරයා විසින් ඉකුත් දා සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට ද අද දිනයේ තම සහතිකය සටහන් කළ බව සඳහන් වේ.