සෞඛ්‍ය අංශවලින් දරුවන් ගැන විශේෂ අනාවරණයක්

Report

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් ශ්‍රී ලංකාවේ පෙරපාසල් යන වයසේ සිටින දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා හතර ගුණයකින් සීනි බහුල ආහාර ලබා ගන්නා බවට තොරතුරු වාර්තා කරයි.

මෙය රට තුළ ඇති වීමට යන දිගු කාලීන සෞඛ්‍ය පරිහානියක ආරම්භය බවට මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා.

මිලේච්ඡ සමූහ ඝාතන රැසකට පස්සෙ කමෙනිගෙ අවසානය තීන්දු වෙයි

මිලේච්ඡ සමූහ ඝාතන රැසකට පස්සෙ කමෙනිගෙ අවසානය තීන්දු වෙයි

සමාජ සහ චර්යාත්මක වෙනස්කම් හරහා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනයට විවිධ බලපෑම් එල්ල වන තත්ත්වයක මෙරට ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් වන ජාතික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

එහිදී දිනකට දරුවන් ඇතුළු ජනතාවට ආහාරයට එක් කර ගත යුතු වන එළවළු, පළතුරු ප්‍රමාණයන්ද වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ අනුව එළවළු වර්ග දෙකක්, පළතුරු වර්ග දෙකක් සහ පලා වර්ගයක් ආහාරයට ගත යුතු වේ.

එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සමීක්ෂණයකින් අනාවාරණය වී තිබුණේ 18.2%ක දරුවන් සංඛ්‍යාවක් පමණක් එසේ ආහාර ලබා ගන්නා බවටයි.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ ලංකාවේ සිටින පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා හතර ගුණයකින් සීනි බහුල ආහාර ලබා ගන්නා බවයි.

දෙයියනේ එයාලා නැතුව ඇසළ පෙරහැර කරලා වැඩක්ද? ඓතිහාසික මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

දෙයියනේ එයාලා නැතුව ඇසළ පෙරහැර කරලා වැඩක්ද? ඓතිහාසික මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

එසේම සොඛ්‍ය අංශ දැක්වූයේ වයස අවුරුදු 2 දක්වා දරුවන්ට ඩිජිටල් තිර නිර්දේශ නොකරන බවයි.

එසේම මාපිය භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ වයස අවුරුදු 2 - 5 දක්වා දරුවන්ට ඩිජිටල් තිර භාවිතය විනාඩි 45ක් හෝ පැයක නිශ්චිත කාලයකට සීමා කළ යුතු බව ද සඳහන්.

එසේ වුවත් අඳාළ සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ මෙරට දරුවන් 60%කටත් වඩා පිරිසක් පැයේ සිට පැය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තිර සමග කාලය ගත කරන බවයි.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

මේ නිසා ඔවුන්ගේ ක්‍රියාශීලී බව අඩුවෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

එහිදී හෙළි වූ අන් කරුණු වන්නේ දරුවන් අතර පවතින මුඛ ආශ්‍රිත ගැටලු බහුල ලෙස දක්නට ලැබීම, දරුවන් අතර ඌණ පෝෂණ සහ අධි පෝෂණ තත්ත්වයන් දක්නට ලැබීම, දරුවන් විවිධ අනතුරුවලට ලක් වීම දරුවන් අතර බෝවන රෝග හට ගැනීම කථන මෙන්ම දෘෂ්ඨි ආබාධ තත්ත්ව ඇති වීමයි. 

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට