" සමහර දවසට අත හෙල්ලුවා කකුල් හෙල්ලුවා..ඒත් එයා ඇස් ඇරලා බැලුවෙ නැහැ.." සියලු හදවත් සංවේදී කරමින් මෙලොව හැරගිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිගේ ආදරණීය බිරිඳ කියන සංවේදී කතාව..

actor gossip Sarath Chandrasiri
By Sewvandhi Feb 22, 2022 03:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව හිටපු දක්ෂ රංගන ශිල්පියෙක්. සම්මාන රැසකින් පිදුම් ලත් ඔහු මීට මාස දෙකකට පමණ පෙරදී අපි අතරින් සදහටම සමුගත්තා. 

කෙසේ වෙතත් කලාව තුළ නොමැකෙන නමක් සටහන් කළ ඒ මහතා ගතකෙරූ සුන්දර ජීවිතය ගැන වගේම ඔහු අසනීප වීමට හේතුව පිළිබඳව පුවත් පතකට ඔහුගේ ආදරණීය බිරිඳ අදහස් දක්වලා තිබුණා.

"ඇත්තටම එයා හොරු අරන් ගියා වගේ. සෑහෙන කාලෙක ඉඳලා අධි රුධිර පීඩනයට බෙහෙත් බිව්වා. රූපගත කිරීම්වලට ගිහාම නිසි වේලාවට බෙහෙත් ගැනීම අතපසු කරගෙන තියෙනවා. එයා අසනීප වෙන්න දවස් කීපයකට කලින් නිවසින් එළියට ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ම එකපාර සද්දයක් ඇහිලා මම බයවෙලා නැගිට්ටා සද්දේ මොකක්ද කියලා අහපුවාම එයා මට කිව්වේ මම ෆෑන් එක පැටලිලා බිම වැටුනා කියලා. ඊට පස්සේ අවුලක් නෑ කියලා එයා බාත් රූම් එකට ගිහින් ඇවිත් නිදාගත්තා. පහුවදා උදේ අතක ඇඟිල්ලක් ඉදිමිලා තිබුණා ඒ පැත්ත කම්බුලත් බරයි කියලා කිව්වා අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කියලා කියනකොට එයා ඕනි නැහැ කියලා කිව්වා. 

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ සරත් චන්ද්‍රසිරි මහත්මයා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගන්න ප්‍රතික්ෂේප කරත් මම සහ දුව මැදිහත් වෙලා ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරගෙන ගියා කියලයි. 

 "අපි රෝහලට යනකොට එයා එන්නත අරගෙන තිබුණා ඊට පහුවෙනිදා එයට හොඳටම අමාරු උනා. අපි සරත්ව කොළඹ මහ රෝහලට මාරු කර ගත්තා. මෙහෙන් අරගෙන යද්දි ඇස් දෙක වහගෙනමයි හිටියේ. කොළඹ මහ ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දවස් විසි එකක් විතර ඔහු හිටියා. වසංගත රෝග කාල සීමාව වුණත් උනත් අපිට එක්කෙනෙක්ට ඔහුව බලන්න යන්න අවස්තාව දුන්නා. සමහර දවසට අත හෙල්ලුවා කකුල් හෙල්ලුවා දොස්තර මහත්වරු කිව්වා එයාට අපි කියන දේ ඇහෙනවා කතා කරන්න කියලා. ඒත් එයා ඇස් ඇරලා බැලුවෙ නැහැ. දවස් විසි දෙකකට පස්සේ එයා අපිව දාලා යන්නම ගියා." 


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


ReeCha