මන් පෙම්වතියක් වුනත් දැම්ම විවහා වෙන්න අදහසක් නෑ. මට තාම 23 යි තාම චූටිනේ. සඳනි ප්‍රනාන්දු. (PHOTOS)

srilanka gossip Sandani fernando
By Sithumi Mar 25, 2022 04:56 PM GMT
Sithumi

Sithumi

Report

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ කාලේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වෙච්ච දක්ෂ රංගන ශිල්පිනියක්. “හාර කෝටිය,”කෝටිපතියෝ”,”තුත්තිරි ” ආදී ටෙලි නාට්‍ය සමඟ ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම ඇය වැඩිපුරම ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ පසු ගිය දිනවල ස්වර්න්වහින්යේ විකාශය වූ “අග්නි පියාපත්” ටෙලිනාට්‍ය නිසයි.

ශලනි තාරකා අතින් රචනා වුන අළුත්ම සින්දුවේ Music Video රංගනයෙන් ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තිබෙනවා. ඉතින් ඇයගේ කළා ජිවිතයේ විශේෂ දේවල් මොනවද සහ පෞද්ගකිල වැඩ කටයුතු මොනවද කියලාපුවත් පතකට අදහස් දක්වලා තිබෙනේ මේ විදිහටයි. රටම මාව හදුනාගත්තේ හාරකොටිය කතාවේ රශ්මි විදියට. රඟපෑමට ආවේ අහම්බයකින් වුනත් ඒ ලැබුණු අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා.

දැනට මම දායක වෙලා තියෙන්නේ සීමිත නිර්මාණ කිහිපයකට වුනත් ඒවාට ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටු වෙනවා. අපිට ගැලපෙන දේවල් විතරක් තෝරාගෙන හරියට කරනවා නම් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ක්ෂේත්‍රය ඇතුලේ කැ, පිලි නැත්තේම නැහැ මටත් එහෙම දේවල් ඇති. ඒත් මම නම් එදෙවල් ගණන් ගන්නේ නැහැ.

මාත් එක්ක අමනාපෙන් ඉන්නේ කවුද කියන දේවල් හොයන්නේ නැහැ. මට ලැබෙන දේ හොඳින් කරලා පාඩුවේ ඉන්නවා.මොන දේ කරලා හරි ක්ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන කියලා හිතන පිරිසකුත් ඇති. ජනප්‍රිය වෙනවා නම් කරන්න වැඩ ඕන තරම් තියනවා. එහෙම දේවල් කරලා ඉදිරියට යන්න කිසිම අවශ්ෂ්‍යතාවයක් නැහැ. මම පොඩි කාලේ අම්මා එක්ක ටීවී බලද්දී මතකයි එකම කෙනෙක් දිගටම ටීවී එකේ දකිද්දී එපාවෙනවා.

අපි වුනත් කියනවා මේ මනුස්සයා හැම තැනම ඉන්නවනේ කියලා. ඒ නිසා මමත් කැමති නැහැ නිතරම පෙන්න ඉන්න. මේ ආපු විදියටම හෙමින් ගමනක් යන්න මට පුළුවන්. දැන් මම පෙම්වතියක් වුනත් දැන්ම විවාහා වෙන්න නම් අදහසක් නැහැ. මන් තම චූටි මොකද මට තමා වයස අවුරුදු 23 යි මගේම කියනා අනන්‍යතාවයක් ගොඩනගාගෙන තමයි විවාහය ගැන හිතන්නේ.කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් ඇයගේ ඉදිරි ගමනට අපි හදවතින්ම සුභ පතනවා.




GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha