බැංකුවක් වසා දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී කියයි..නාමල් ගෙනුත් චෝදනාවක්.

Parliament of Sri Lanka Namal Rajapaksa Shehan Semasinghe Sri Lanka Politician Sri Lanka
By Aruna May 12, 2023 06:45 AM GMT
Aruna

Aruna

Report

සමෘද්ධි බැංකු වසාදැමීමට රජයේ කිසිදු අදහසක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙම බැංකු ප්‍රතිව්‍යුහගතකිරීමක් සිදුකර සහනාධාර ලබාදීම නිවැරදි පිලිවෙතකට අනුව සිදුකරන බවද කීවේය.

මේ අතර නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රශ්න කළා.

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now