මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි - සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Report

සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදියේ පිහිටි ශාඛාව සහ එහි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව සමාජ මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට සම්පත් බැංකුවේ කිසිදු නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බව බැංකුව තහවුරු කරයි.

එක් ගනුදෙනුකරුවෙකු විසින් ලබාගත් රුපියල් මිලියන 51 ක ආසන්න ණය පහසුකමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මුල් කරගනිමින් මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයේ පළ වී තිබෙන බව සඳහන්.

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

එබැවින් අඳාළ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් නීතිමය කටයුතු ක්‍රියාත්මක වන අතර, අදාළ විමර්ශන බලධාරීන්ට බැංකුව සහ එහි නිලධාරීන් පූර්ණ සහයෝගය ලබා දෙන බව ද දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කරුණ මේ වන විට අධිකරණය හමුවේ පවතින බැවින්, ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට බැංකුවට හැකියාවක් නොමැති බව සඳහන්.

එමෙන්ම බැංකුවට සහ එහි නිලධාරීන්ට එරෙහිව නගන ලද සියලු නොමඟ යවන ප්‍රකාශ සහ චෝදනා බැංකුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් අඳාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙවැනි අසත්‍ය තොරතුරු පිළිබඳව ගනුදෙනුකරුවන් අවධානයෙන් පසුවිය යුතු බවයි.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

Gallery