යුද උණුසුමෙන් ලෙබනනය රත් වෙයි - ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත එල්ල කර ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බේරූට් හි මුරපොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්.
එමෙන්ම ජීවිතක්ෂයට පත් පුද්ගලයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකුද සිටින බව වාර්තා වේ.
රටවල් දෙක අතර දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඊශ්‍රායල විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.
යළි ඇවිළෙන යුධ ගිනි සමඟ ජාත්‍යන්තරය කැළඹෙයි - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් හමුදා ප්‍රධානියෙක් ජීවිතක්ෂයට
මේ අතර ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් 16 වන දින සටන් විරාමය ප්‍රකාශයට පත් කළ නමුත් එතැන් සිට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර වෙඩි හුවමාරුව දිගටම පැවතුණු බව සඳහන්.
ඒ අනුව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ දකුණේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.