සාකච්ඡාව අසාර්ථක වුණැයින් තාමත් මල්වානේ ඉඳන් උත්තර හොයන අන්තරේ සිසුන්
නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දෙවැනි දිනටත් ඊයේ (15) දින රාත්‍රිය ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවසේ රැඳී සිටිමින් රැය පහන් කර ඇති බව සඳහන්.
ඒ ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමග ඔවුන්ට ලබාදී තිබූ සාකච්ඡාව ද අසාර්ථක වීමත් සමඟ බව වාර්තා වේ. ඔවුන් සඳහන් කරන්නේ නිවස සහ එය පිහිටි ඉඩම ජනතා පරිහරණය සඳහා පවරාදිය යුතු බවටයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියවුණු, මල්වානේ පිහිටි අක්කර 16කින් සමන්විත භූමියක ඉදිකළ සුඛෝපභෝගී නිවස පසුගිය යහපාලන සමයේ දී රජය විසින් අත්පත් කරගනු ලැබුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේයි.
එම නඩුවේදී නිවසේ හිමිකරු සොයා ගැනීමට නොහැකි වූ පසුබිමක අරගල සමයේ දී මෙම නිවසද ගිනිබත් කර තිබුණි.
එවන් පසුබිමකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් අලුතින් පිහිටුවන ලද නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පෙරේදා එම නිවස අත්පත් කරගැනීමට කටයුතු කර ඇත.