යළි ඇවිළෙන යුධ ගිනි සමඟ ජාත්‍යන්තරය කැළඹෙයි - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් හමුදා ප්‍රධානියෙක් ජීවිතක්ෂයට
ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ඉස් අද් - දින් අල් - හඩාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ හදිසි සේවාවලට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා අල්-ෂිෆා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ හමාස් නායක ඉස් අල්-දින් හඩාඩ් ඉලක්ක කර ගනිමින් ගාසා නගරයේ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසූ බව විදෙස් මාධ්‍යක් වන The Times of Israel වාර්තා කරයි.
එසේම මියගිය පුද්ගලයා 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන බවත් සඳහන්.
තවද දහස් සංඛ්‍යාත ඊශ්‍රායල සිවිල් වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක බලකා සෙබළුන් ඝාතනය කිරීම, පැහැරගැනීම සහ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද මොහු වගකිව යුතු බවට ද ඊශ්‍රායලය චෝදනා කරයි. කෙසේ වුවද මෙම ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන්.