මාරක අනතුරක් අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
ටිපර් රථයක් ඉන්ධන හලකින් ඉන්ධන ලබාගෙන නැවත මාර්ගයට ධාවනය කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
මෙම අනතුරින් බලපතල තුවාල ලැබු යතුරුපැදිකරු වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකි.
මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.