සමිතා සහ චිරන්ත ඉස්සරහට කරන්න තිබුණු වැඩ පස්සට දැම්මේ ඇයි.. (PHOTOS)

samitha mudunkotuwa Chirantha and samitha
By Sithumi Mar 07, 2022 06:03 PM GMT
Sithumi

Sithumi

Report

සමිතා මුදුන් කොටුව සහ චිරන්ත ගුණවර්ධන ගැන ලංකාවේ මොනතරම් කතාබහට ලක්වෙනවද කියලා දන්නවානේ. ඒ නිසාම අපේ රටේ ගීත කලාව තුල වගේම අලුත් පුවත් එක්ක සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන් කතාබහ කරන චරිතයක් ලෙසින් ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්නවා. 

ප්‍රවීන ගායිකාවක් විදියට ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින සමිතා රසිකයින්ගේ ආදරේ දිනාගත් කෙනෙක් ලෙසිනුත් හැම කෙනෙකුගේම ගෞරවයට පත්‍ර වෙලා ඉන්නවා. අපේ රටේ මිනිසුන්ගේ කන පිනවන්න සුන්දර ගීත රැසක්ම ගයනා කරලත් තියනවා. 

කටහඬින් හැම කෙනෙකුගේ ආදරේ දිනාගත් සමිතාගේ පෞද්ගලික ජිවිතේ ගැනත් තොරතුරු මෑත කාලයේ නිතරම වගේ කතාබහ වෙනවා කියලත් ඔයාලා දන්නවානේ. එහෙම වැඩියෙන් කතාකරන්න ගත්තේ සමිතාගේ ලාබාල සැමියා චිරන්ත පවුලට එකතු වීමත් සමඟයි. 

ටික දෙනෙක් විවිද කතා හැදුවත් වැඩි පිරිසක් මේ ලස්සන පවුලට සුභපතලා තියනවා. ඔවුන්ට කතා හදන පිරිසට තරහෙන් ප්‍රතිචාර දක්වන්නත් සමිතා ඇතුළු ඔවුන්ගේ පවුලේ කිසිම කෙනෙක් කලබල වෙන්නෙත් නැහැ. නිහඩව සිටියත් කලාතුරකින් වගේ සමිතා ඒවාට ප්‍රතිචාර දක්වනවා. ඒත් කිසිම තරහකින් නෙවෙයි නිවී සැනසිල්ලේ තමයි ඒ දේවල් වලටත් උත්තර දෙන්නේ. ජීවිතේට ආපු ප්‍රශ්නත් එක්ක මම සැලුනා නම් අද මෙහෙම ඉන්න ලැබෙන්නේ නැහැ. මොනතරම් ප්‍රශ්න ආවත් මම සතුටින් ඉන්නපුරුදු වෙලා ඉන්නේ. අපි සතුටින් ආදරෙන් හිටියත් ඒවත් බලාගෙන ඉන්න බැරි පිරිසකුය්ත් ඉන්නවා. 

ප්‍රශ්නත් එක්ක මෙහෙම සතුටින් හිනාවෙලා ඉන්නේ කොහොමද කියලා ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියනවා. මන් උදේ හවස පහන තියද්දීත් ප්‍රර්ථනා කරන්නේ මේලෝකේ ඉන්න හැම කෙනෙක්ම සතුටින් සැනසීමෙන් තියන්න කියලා. හොඳ කතාකරන මිනිස්සු අතරේ කතා හදන මිනිස්සු ගැනත් මම දන්නවා.

එහෙම මිනිස්සු ගැන මගේ හිතේ තරහක් නෙවෙයි තියෙන්නේ අනුකම්පාවක්. පහුගිය කාලේ රටේ තිබුණු තත්වයත් එක්ක කරන්න හිටිය ගොඩක් වැඩ පසුපසට දාන්න සිද්ද වුනා. ඉස්සරහට අලුත් වැඩ ටිකක් කරන්නත් සුදානමින් ඉන්නවා. තව ගීත නිර්මාණත් එළිදක්වනවා, අලුත් දේවල් ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery