අමායයි, අතුලයි , චිරන්තයි අපි හොඳ යාලුවෝ අදටත් අපි අතර කිසිම තරහක් නෑ. සමිතා මුදුන්කොටුව. (PHOTOS)

By Sithumi May 08, 2022 06:14 PM GMT
Sithumi

Sithumi

Report

නිරන්තරයෙන් පුවත් මවන කතාබහට ලක්වෙන චරිත කිහිපයක් තමයි. තුල සමිතා අමායා සහ චිරන්ත, කියන්නේ මේ කට්ටිය ගොඩක්ම ජනප්‍රියයි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් මේ හැමෝගෙම මුල් පුරුක තමයි සමිතා සහ අතුල කියන්නේ ඉතින් මේ අදර කතාව හරිම සුන්දරයි.

ඒ දෙන්නගේ ආදරයට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරා ඒ වගේම මේ ජනප්‍රිය ගායකයින් නිසා ආදරය නොමදව ලැබුනා. ඒ දෙන්නට ආදරේ කරපු ගොඩක් ප්‍රේක්ෂකයින් තාමත් එම ගීත රස විඳිනවා. කොහොම වුනත් යම් හේතු නිසා අතුල සමිතා දෙදෙනා වෙන් වෙනවා.

ඊට පස්සේ අතුල විවහා වෙන්නේ අමායා එක්ක. ඉතින් අමායා අධිකාරී කියන්නෙත් අපේ රටේ ඉන්න රනගන ශිල්පිනියක්. අමායා අධිකාරී කියන්නේ කාලයක් ලංකාවේ හිටපු ජනප්‍රියම නිලියක් වගේම දක්ෂ නිලියක්. ඒ පමණක් නොවෙයි ඉතමත් ආදරණිය නිහතමානී චරිතයක්. කලා ක්ෂේත්‍රය තුල හැමෝගෙම ආදරය දිනාගෙන ගමන ගියපු රූප සුන්දරියක්.

දැන් ඇය ඉතාමත් ලස්සනයි. ඉස්සර වගේ රංගනයෙන් දැකගන්න නොලැබුනත් ඇය සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක්. වගකීම් ගොඩක් වැඩි දරු තිදෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි අමායා කියන්නේ. ඉතින් අතුලත් කාලයක් ආදරෙන් සිටි අමායා පසුව වෙන්වෙලා අපේ රටේ දක්ෂ ගායකයෙක් වන හර්ෂ දනොෂ් සමග යුග දිවි ඇරඹු ඇය දැන් ආදරණිය ජිවිතයක් ගතකරනවා.අතුල නම් ඊටපස්සේ විවාහයක් කරගත්තේ නැහැ. නමුත් සමිතා නම් නැවත විවාහයක් කරගැනීමට පෙලඹෙනවා

. ඒ ටික ටෝක් තරුවක් වන චිරන්තයි. ඉතින් මේ ගැන බොහෝ සේ කතා බහට ලක් වුනේ සමිතට වඩා ඔහු වයස 25කින් විතර බාල වීම නිසයි. කොහොමහරි දැන් ඔවුන් ඉතා ආදරණිය ජිවිතයක් ගත කරනවා. ඒ වගේම අතුල සහ සමිතා අතරත් මිනිස්සු හිතන තරම් ප්‍රශනයක් නැහැ. තාමත් හොඳින් කතාබහ කරනවා සුහදව හමුවෙනවා, සමිතා වගේම දරුවන් ගැනත් අතුල හොයලා බලනවා.

සමිතාගේ යුටියුබ් චැනල් එකේ මේ දෙන්නම එකට ඉන්න විදියි එකක් කරලා තිබුනා. මේක ගැන අලුත් කතාබහක් සමාජ මාධ්‍ය තුල ඇසෙන්නට පටන් ගත්තා. දකින්න ලැබුණු විදියට එහිදී මේ දෙන්නම සුහද කතාබහක නිරත වෙන ගමන්ම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලටත් උත්තර දීලා තිබුනා.

සමිතා මුලින්ම මෙහෙම කියලා තිබුනා, අපි දෙන්නා අතරේ ප්‍රශ්න තියනවා නම් මෙහෙම කතාකරන්නේ නැහැනේ. සතුටින් සුහදව ඉන්නවා එහෙම ඉන්නත් ප්‍රදානම හේතුව වෙන්නේ අනුන්ගේ දේවල් හියන්නේ නැතුව පාඩුවේ ඉන්න නිසයි. සමහරු එකතුවෙලා විවිද කතා හදන්න උත්සාහා කරනවා කියලා දන්නවා. එහෙම දේවල් වලට අපි සැලෙන්නේ නැහැ.ඒවගේම අපි දෙන්නට එකට සින්දු කියන්න හැකියාව තියනකල්ම කියනවා.

අතුල තමන් ගැනත් කියලා තිබුනේ මෙහෙමයි, ඒකාලේ මට කතා හදලා තිබුනා ඇඟට හොඳනැති දේවල් පාවිච්චි කරනවා කියලා. එහෙම දේවල් කලානම් අද මට මෙහෙම කතාකරන්න ලැබෙන්නේ නැහැනේ. මට දරුවන්ගෙන් ප්‍රශ්නයක් වෙලත් නැහැ මගෙන් දරුවන්ට ප්‍රශ්න වෙලත් නැහැ.

ජනප්‍රිය වෙන්න කියලා අපි දෙන්නට කිසිම දෙයක් කරන්න අවශ්ෂ්‍ය නැහැ.අනිත් එක කවදවත් අපි නොකළ දේවල් තමයි බොරු ගොසිප් හදලා දාන්නේ. ඒවාට උත්තර දෙන්නවත් මම කැමති නැති නිසයි නිහඩව ඉන්නේ කියලයි ඇය පවසන්නේ.

GalleryGalleryGallery
ReeCha