මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි...

By Piyumika Jan 26, 2025 08:02 AM GMT
Piyumika

Piyumika

Report

 වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15ක් පමණ සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

2024 ජනවාරි 09 දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී “අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?” යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදුකරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට අපහාස කර ඇතැයි එන්තරාවාසියේ දැක්වෙනවා.

තරුණ පරම්පරාවේ තීරණ නිසා වතු කම්කරුවන්ට සිදුව ඇති දේ..

තරුණ පරම්පරාවේ තීරණ නිසා වතු කම්කරුවන්ට සිදුව ඇති දේ..

අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් කීර්ති තෙන්නකෝන් සම්බන්ධයෙන් ‘පහත් මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද, ඇමතිවරයාගේ ප්‍රකාශයේ ‘අන්තර්ගතය අසත්‍ය වන අතර, එය තම සේවාදායකයාට අපහාසාත්මක’ වන බව එච්.ඩී.සී.ඩී.හතුරුසිංහ නීතිඥවරයා විසින් මහියංගනය, රදීමාලියද්දේ සමන්ත විද්‍යාරත්නගේ ලිපිනයට යොමු කර ඇති එන්තරාවාසියේ වැඩිදුරටත් සඳහන්.

කීර්ති තෙන්නකෝන්ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර තිබුණා.

එන්තරාවාසියේ තවදුරටත් දැක්වෙන්නේ කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව’ අරමුණු කර ඇති බවයි.

අපිත් ඉල්ලන්න හිටියේ අපිට අවස්ථාව දෙන්නේ නෑ..ක්‍රිකට් නිලවරණයට එරෙහිව විරෝධතා..

අපිත් ඉල්ලන්න හිටියේ අපිට අවස්ථාව දෙන්නේ නෑ..ක්‍රිකට් නිලවරණයට එරෙහිව විරෝධතා..

තව ද, ‘හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද, වර්තමානයේ සමාජයේ මත සාදන්නෙකු ලෙස ද කටයුතු කරන කීර්ති තෙන්නකෝන් හට සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශ මඟින් බරපතල හානියක්, හොඳ නමට සහ කීර්ති නාමයට, චරිතයට සහ ගෞරවයට හානි සිදුවී ඇති බව’ දැක්වේ.

තෙන්නකෝන් මහතා ට සිදු කළ හානිය රුපියල් මිලියන 100ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කතෘට ගෙවිය යුතු මුදල ගෙවීමට ඔබ පෞද්ගලිකව බැඳී සිටින බවත් එහි දැක්වනවා.

ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම රුපියල් මිලියන 100ක වන්දි මුදල ඉල්ලා සිටින බවත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොළී සහ නඩු වියදම් ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්.

You may like this video

ReeCha